පියා පුතා මරයි

Share

මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීමකින් ඔහුගේ පුත්‍රයා මියගොස් ඇත.

අදාළ පුද්ගලයා ඔහුගේ බිරිඳටද පහර දී ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්‍රයා මියගොස් ඇත.

කලක පටන් පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය පැවසුවේ.

මිය ගිය පුද්ගලයා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙකු වෙයි.

සැකකරු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාළිගාවත්ත පොලීසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

Read more

Local News