දිවයිනේ බොහෝ පළාත්වල ඉදිරී දින වලදීත් වැසි

Share

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිණිකොණ දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලී තත්ත්වය හේතුවෙන් ඉදිරී දින දෙකේදී (25 හා 26) විශේෂයෙන්ම උතුරු මැද, උෟව හා නැගෙනහිර පළාත්වල නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ වැසි තත්ත්වය වැඩි වෙනු අැතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයේ දැක්වේ.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read more

Local News