ඉදිරි වසර 15ක් තුළ රට කාන්තාරයක් ජනපති කියයි

Share

පරිසරය රැක නොගතහොත් ඉදිරි වසර 15ක් තුළ රට කාන්තාරයක් බවට පත් වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එබැවින් පරිසරය පිළිබඳ සංවේදී වෙමින් මිනිසා ප්‍රමුඛ සියලු සතා, සීපාවාගේ ජීවත්වීමේ අයිතිය රැක ගැනීම සහ රට කාන්තාරයක් බවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් සිය යුතුකම ඉටුකරන ලෙස ජනාධිපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියි.

මහනුවර මහ නගර සභාවට අයත් දුනුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගා ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ(06) එම භූමියේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පිවිතුරු හරිත පුරවරයක් ගොඩනගමින් ජෛව විවිධත්වය සුරකින,තුරු ප්‍රජාව, නමින් වැඩසටහන නම් කර තිබිණි.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා විසින් දුනුමඩලාව රක්ෂිතයේ මී පැළයක් රෝපණය කරනු ලැබීය.

මෙහි දී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියයට 28ක් පමණක් වූ මෙරට වන ඝනත්වය වාර්ෂිකව ද සියයට 1.5 බැගින් අඩු වෙමින් පවතින බවයි.

අඛණ්ඩව එලෙස වන ඝනත්වය අඩු වුවහොත් වසර 15-20 ක් යන විට රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මතු පරපුර වෙනුවෙන් රටේ වන සම්පත රැක ගැනීමට කොන්දේසි විරහිතව සියලූ පාර්ශවයන් කැපවිය යුතු බව අවධාරණය කළේය.

Read more

Local News