A9 මාර්ගයේ අනතුරකින් 3ක් මරුට – ප්‍රදේශවාසීන් විරෝධතාවක

Share

කැකිරාව – දඹුල්ල ඒ 9 මාර්ගයේ – කොරසගල්ල, තිබ්බටුවැව ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තුන් දෙනෙකු මිය යාමත් සමඟ එම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇත.

දඹුල්ල සිට අනුරාධපුරය දක්වා ලී කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, උපකාරක පන්ති සඳහා සහභාගිවීමට මාර්ගය අයිනේ සිටි සිසුන් සිව් දෙනෙකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් කැකිරාව තිබ්බටුවාව ප්‍රදේශයේ A-9 මාර්ගය අවහිර කරමින් විරෝධතාව පවත්වන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News