වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයක් හේතුවෙන් තුවාල වු වතු කම්කරුවන් අට දෙනෙක් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනාජා වත්තේ තේ පදුරත් මත බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි තමන් පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

මෙම බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 7 දෙනෙකුට සහ වතු කම්කරුවෙකුට බඹර ප්‍රහාරය එල්ල වි ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබු එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

Read more

Local News