(update) කාළගුණය අනතුරු අඟවයි

Share

කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.

නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයෙන් වැඩිවීමක්ද අපේක්ෂා කළ හැකි වේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු , උතුරුමැද, ඌව පළාත්වලත්, නුවරඑළිය, අම්පාර, මඩකළපුව සහ පුත්තලම දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමිටර් 50 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පුත්තලම සිට ගාල්ල, කොළඹ හරහා හම්බන්තොට දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් මීටර් 3 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් මෙන්ම ආසන්න වෙරළබඩ ප්‍රදේශවල ජනතාවගෙන් ද ඉල්ලීමක් කරයි.

Read more

Local News