ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාව යළි හෙට රැස්වෙයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුව හෙට(11) පස්වරු 2.00ට යළි රැස්වීමට නියමිතයි.

ඒ අනුව හෙට දිනයේදී මුස්ලිම් ආගමික නායකයින්ට කාරක සභාව ඉදිරියේ පෙනි සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මෙම කාරක සභාව රැස්වන තෙවන අවස්ථාව මෙය වෙයි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 29 වනදා රැස් වු අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට කැඳවීම් සිදුකර තිබුණි.

Read more

Local News