ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු නිවැරදිව සිදු කෙරේද යන්න කාදිනල් හිමිගෙන් සැකයක්

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර ගැන සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු නිවැරදි ලෙස සිදු කෙරේද යන්න සම්බන්ධයෙන් සැකසහිත බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

මෙම ප්‍රහාරයන් එක පාර සිදු වු දෙයක් නොවන බවත්, මෙය වසර ගණනක සුදානමක් බවත් මෙය ලංකාවේ වැඩපිළිවෙලක් ද පිටරටින් සංවිධානය වුවක් ද යන්න කියන්න අමාරු බව ද කාදිනල් හිමිපාණන් පැවසීය.

අක්මීමන, තල්ගස්යාය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේය.

මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පවා අද වන විට ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් පැවසු එතුමා, මෙය ලංකාවේ සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇතැයි ද කියා සිටියේය.

Read more

Local News