කාන්තාවක් මුළුතැන්ගෙය තුළ පිළිස්සී මරුට

Share

බදුල්ල පිංඅරාව, ජලනල මාවත හන්දියේ නිවසක සිදුවූ ගිනි ගැනීමකින් එම නිවසේ සිටි කාන්තාවක් මුළුතැන්ගෙය තුළ දී පිළිස්සී මිය ගොස් ඇති බව බදුල්ල පොලීසිය පවසයි.

අද(10) උදෑසන සිදුවු මෙම ගිනි ගැනීමෙන් මරණයට පත්ව ඇත්තේ ධම්මිකා රත්නායක නමැති 45 හැවිරිදි තිදරු මවකි.

ඇගේ සැමියා විදේශ රට රැකියාවක නියුතු අයෙක් වන අතර, අද උදෑසන මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දී පුතුන් දෙදෙනා පාසැල් ගොස් සිටි බවත් වැඩිමහල් දියණිය රැකියාවට ගොස් තිබු බවත් සිදුවීම වන අවස්ථාවේ මරණකාරිය පමණක් නිවසේ සිටි බවත් අනාවරණය වී තිබේ.

ගින්න සමඟ ශබ්දයක් ඇසුන බව අසල්වැසියන් පවසන අතර, මෙය පිපිරීමකින් සිදුවූවක් නොවන බව විමර්ශනවලදි අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News