ජනතාවට ආණ්ඩුව බොරු කරනවද ?

Share

ඉදිරි ජනාධිපතිවරණයට දිනන්න පුළුවන් නායකයෙක් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, අද (10) පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කල සූර්ය විදුලිබල නිෂ්පාදන ආයතනයක් වන රෑන්ක් ඉන්ටනැෂනල් ආයතනයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 01ක දායකත්වයක් සැපයෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 115 ක මූල්‍ය පිරිවැයක් දරා තිබේ.

මෙහිදී මාධ්‍යයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසීය.

“ඉන්දියාව කියන්නේ අපේ මිත්‍රශීලී රටක්. එවැනි රටක නායකයන් මෙරටට පැමිණීම ඉතාමත් වැදගත්. පසුගිය අප්‍රේල් 21 දා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ලංකාවේ ආරක්ෂාව පිළිබදව අනෙකුත් රටවල් තුළ සැකයක් ඇතිවුණා.

ඉන්දියාවේ අගමැතිතුමා මේ ආකාරයෙන් මෙරටට පැමිණීමෙන් මෙරට ආරක්ෂාව පිළිබදව  අනෙක් රටවල් තුළ ඇතිවී තිබු අවිනිෂ්චිත භාවය දුරුවුණා. ඒ  තුළින් සංචාරක කර්මාන්ත වැනි ක්ෂේත්‍රයන්ට ඇතිවී තිබූ බාධාවන් ඉවත් වනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබදව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වෙමින් පවතිනවා.

නමුත් අපි ඒ සදහා සුදුසුම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා පිළීබදව ඉදිරියේදී දැනගන්න හැකිවේව්.

පසුගියදා සියලු මුස්ලිම් ඇමතිවරුන් සිය අමාත්‍ය ධූර වලීන් ඉල්ලා අස්වුණා. ඒ පිළිබදව ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව මාධ්‍ය තුළිනුත් ජනතාවට ඉදිරිපත් කළා.

ඉතින් දැන් කොහොමද කියන්නේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නැහැ කියලා. ජනතාවට බොරු කරන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැහැ. අපට අවශ්‍ය වන්නේ  එකමුතුභාවයෙන්, සමගිතාවයෙන් යුතුව රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි යැයි පැවසීය.“

Read more

Local News