බ්‍රෙක්සිට්වලින් බේරීමට බ්‍රිතාන්‍ය කළ දෙයක් මෙන්න

Share

බ්‍රිතාන්‍ය සෙසු රාජ්‍යයන් සමග පවතින වෙළෙඳ ගිවිසුම් බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසුවද පවත්වාගෙන යෑමේ අරමුණින් මහා බ්‍රිතාන්‍ය සහ දකුණු කොරියාව අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා තිබේ.

එරට ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ලේකම් ලියාම් ෆොක්ස්, දකුණු කොරියානු වෙළෙඳ අමාත්‍ය ජූ මයුන්ග්-හී සමග මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසුවද ආසියාව තුළ තවදුරටත් ක්‍රියාත්මක වන ප්‍රථම බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුම බවට මෙය පත්වනු ඇති බව කියැවෙයි.

දැනට දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමේ අඩංගු කරුණුම ඇතුළත් කරමින් මෙම නව ගිවිසුම සකස් කර ඇති අතර, මෙය යුරෝපා සංගමයෙන් වෙන්ව නව ගමනක් ඇරඹීමට සූදානම් වන බ්‍රිතාන්‍යයට වඩාත් වැදගත් ගිවිසුමක් වනු ඇති බව විචාරකයෝ පවසති.

Read more

Local News