ගිරිහඬු සෑය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගන්නවා – අගමැති

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ වන ගිරිහඬු සෑය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වාචික පිළිතුරු විමසන අවස්ථාවේ දී ගිරිහඬු සෑය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් පිළිබඳව පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර සිඩ්නි ජයසේකර මහතා මෙහිදී සඳහන් කළේ, මෙම ස්ථානයේ සෙල්ලිපි විනාශ වෙමින් පවතින බවත්, මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පැවසී ය.

මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ, මෙම ස්ථානය සංවර්ධනය කිරීම සඳහා වෙනම කමිටුවක් පත් කරන ලෙසය.

බුද්ධ ශාසන,තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, ත්‍රීකුණාමලයේ පිහිටි ගිරිහඬු සෑය පූජාභූමියක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත් මෙම ස්ථානය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කමිටුව පත් කිරීමට කටයුතු කරන බවද පැවසී ය.

Read more

Local News