තවමත් රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙලා නෑ

Share

තවමත් රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තෙරිම් කාරක සභාව පාර්ලිමේන්තුවේ සම්මතකර ගනිමින් කතානායකවරයා විසින් පත් කළ නීතියානු කුල තෙරිම් කාරක සභාවක් බවද, එම තෙරිම් කාරක සභාව කටයුතු කරන්නේ න්‍යාය පත්‍රයකට අනුව බවත් එය එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි වෙනස් කිරිමට නොහැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා බලපෑම් කිරීමට කිසිදු නෛතිකමය හැකියාවක් නොමැති බවද මන්ත්‍රීවරයා එහිදි අවධාරණය කළේය.

තෙරිම් කාරක සභාවේ කටයුතු අවසන් වු පසු සත්‍ය කුමක්ද යන්න ජනතාවට වටහගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News