හුවාවේ සමාගමට චීන රජයත් සමග කිසිම ආකාරයක සබඳතාවක් නෑ

Share

හුවාවේ සමාගමට චීන රජයත් සමග කුමන ආකාරයේ හෝ සබඳතාවත් පවතින්නේ යැයි සඳහන් වන අදහස හුවාවේ සමාගම තරයේ ප්‍රතික්ෂේප කරයි.

එම සමාගමේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජෝන් සෆොල්ක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ පවසා සිටියේ, චීන රජය හෝ වෙනත් රජයක් කිසිදු ආකාර අවැඩක් කරන ලෙස හුවාවේ සමාගමෙන් ඉල්ලා නොමැති බවයි.

එබැවින්, හුවාවේ සමාගමේ නිෂ්පාදන විශ්ලේෂණය කිරීමට සහ ඔවුන්ගේ ඉංජිනේරු සහ කේතකරණයන් පිළිබඳ හඳුනාගැනීමට පිටස්තරයන්ට අවස්ථාව ලබාදෙන බවද ඔහු කියා සිටියේය.

“අප ලෝකය ඉදිරියේ නිරුවතින් හිටගෙන ඉන්නෙ. අපි ඉතාම කැමැත්තෙන් ඒක කරන්නෙ. එය අපේ නිෂ්පාදන තව තවත් වර්ධනය කරගැනීමට ඉවහල් වෙනවා” සෆොල්ක් වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි කැමතියි මිනිස්සු මොනව හරි හොයාගන්නවට. ඔවුන් එකක් හෝ දහස් ගණන් දේ හොයා ගත්තත් අප ඒක ගණන් ගන්නෙ නෑ. මොකද, ඔවුන් හොයාගන්න දේවලින් අපව අපහසුවට පත් නොවන නිසයි.” ඔහු කියා සිටියේය.

හුවාවේ නිෂ්පාදනවල පවතින්නේ යැයි කියන ආරක්ෂක හැදැස් සහ චීන රජය සමග ඔවුන්ට පවතින්නේ යැයි කියන සබඳතා ගැන අදහස් දැක්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තාක්ෂණ හා විද්‍යාව පිළිබඳ තේරීම්කාරක සභාව වෙත හුවාවේ සමාගමට කළ ඇරයුමකට අනුව ජෝන් සෆොල්ක් මෙසේ පැමිණ සිටියේය.

එක්සත් ජනපදය විසින් හුවාවේ සමාගම සම්බන්ධයෙන් මෙම මූලික චෝදනා ගොනුකළ අතර, ඔවුන් හුවාවේ අසාදු ලේඛනගත කරමින් චීනයේ දැවැන්ත තාක්ෂණ සමාගම අඩපණ කිරීමේ ව්‍යායාමයක නිරත වන බවට චීනයේ අදහස වී තිබේ.

Read more

Local News