කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා හඳුන්වා දිය යුතුයි – අමාත්‍ය මහින්ද අමරවීර

Share

කාන්තාවන්ට ස්වයං රැකියා හඳුන්වාදීමේ අවශ්‍යතා තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමිනි.

සමෘද්ධි ව්‍යාපාරය තුළ සමෘද්ධිලාභීන් එකතු කරගැනීම රටක් දියුණු වෙන්න පාදක වෙනවා කියලා විශ්වස කරන්නේ නෑ. දුප්පත්කම අඩු වී නෑ. කොතැනක හරි වැරදීමක් වී තිබෙනවා. සහානාධාර ගන්න අයගේ ආර්ථික තත්ත්වය ඉහළට ගෙනැල්ලා ඔවුන් ආර්ථික තත්ත්වයෙන් ඉහළට ගෙන ඒමයි බලාපොරොත්තු වන්නේ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

කාන්තාවන්ට ස්වයං රැකියා හඳුන්වදීමේ අවශ්‍යතා තිබෙනවා. ගෘහණියන් ලෙස සවිබල ගැන්විය යුතුයි. පුහුණු ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමයි අවශ්‍ය වන්නේ. ඒකබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනෑ. අඛණ්ඩව ණය පහසුකම් හා පුහුණුව ලබා දිය යුතුයි. ළමයින්ගේ සුරක්ෂිතභවයට එය වැදගත් වෙනවා. කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිබෙනවා.

Read more

Local News