එජාපයේ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Share

පසුගියදා කැබිනට් ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ අමාත්‍යංශ සඳහා රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ යටතට පවරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවා තිබුණි.

එමෙන්ම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල
වැඩබැලීම සඳහා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කරනු ලැබුවේය.

ඒ වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා වැඩබලන, කර්මාන්ත හා වානිජ දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස ද, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලෙස ලකී ජයවර්ධන මහතාද වැඩබලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපනඇමැතිවරයා ලෙස ද ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, වැඩබලනමහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙස පත් කරනු ලැබුවේය.

Read more

Local News