සියෝන් බෝම්බකරුගේ දේහය කාත්තාන්කුඩිහිදි භුමදානය කරන්න බෑ

Share

පාස්කු ඉරු දින  මඩකලපුව  සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී අසාද්ගේ ශරීරයේ  කොටස්  කාත්තාන්කුඩිහි භූමිදානය  නෙකිරීමේ යෝජනාවක් කාන්තන්කුඩි නගර සභා විශේෂ රැස්වීමේදී සම්මත වී තිබේ.

කාන්තන්කුඩි නගර සභාවේ විශේෂ සභා රැස්වීම ඊයේ(12) නගරසභා සභාපති එස්. එච්.  අස්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී මෙම යෝජනාව සම්මත කළේය.

මෙහිදී පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින්  අරාබි වචනයන් ඉවත්කළ යුතුය  යනුවෙන් නිකුත් කර තිබූ සම්බන්ධයෙන් තවදුරටත් කරැණු පැහැදිලි කර ගැනීමට නගර සභාව තීරණය කර තිබේ. එසේම කාත්තාන්කුඩි  පිවිසුම් පිළිගැනීමේ තොරණේ ඇති අරාබි වචන ඉවත් කිරීම සම්බන්ධයෙන් නගර සභාව තීරණයක් ගත යුතු බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.

Read more

Local News