සකර්බර්ග් රැගත් ව්‍යාජ වීඩියෝව ඉවත් කරන්නේ නෑ

Share

ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සම්බන්ධයෙන් ඉන්ස්ටග්‍රෑම් වෙත යොමුකර තිබූ ව්‍යාජ වීඩියෝව ඉවත් කිරීමට කටයුතු නොකරන බව ෆේස්බුක් සමාගම පවසයි.

ඡායාරූපයක් ඇසුරෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් මාර්ක් සකර්බර්ග් දැක්වෙන වීඩියෝවක් පරිගණකගතව සකසමින් එය ඉන්ස්ටග්‍රෑම් වෙත යොමුකර ඇත.

මෙහි කිසියම් රහසිගත ආයතනයක් වෙත සකර්බර්ග් ඔහුගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ස්තූති කිරීමක් මෙම වීඩියෝවෙන් ගෙනහැර පායි.

එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසි රැගත් ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝ ක්ලිපයක් ඉන්ස්ටග්‍රෑම් ජාලයෙන් ඉවත් නොකිරීම ගැන මීට පෙර ෆේස්බුක් සමාගම චෝදනා ලැබ තිබුණි.

Read more

Local News