ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 4 ක විමර්ශන කඩිනම් කරන ලෙස නීතිපතිගෙන් නියෝග

Share

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 4 කට අදාල විමර්ශන කඩිනමින් අවසන් කර එම ලිපිගොනු තමන් වෙත එවන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත නියෝග කර තිබේ.

ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතුර් action farm රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදී සිද්ධින්ට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇති තිබේ.

එබැවින් ඒම අපරාධ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර උද්‍යෘත නිතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇති බවද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Read more

Local News