මම වැඩ කරේ මහින්දට- සහරාන් වැඩ කරේ ජනපතිට

Share

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඊයේ , පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු‍ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ දින කැඳවා තිබුණේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතායි.

මීට පෙර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ,හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්,අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරුන් මෙන්ම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි,කාත්තණ්කුඩි මුස්ලිම්  දේවස්ථාන සම්මේලනයේ සභාපතිවරයා සහ  සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්.රිස්වි ද සභාව හමුවේ සාක්ෂි දෙනු ලැබීය.

මෙහිදී සාක්ෂි දෙමින් හිස්බුල්ලා මහතා පවසා සිටියේ, 2015 ජනාධිපතිවරණයේ දී තමා මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දුන් බවත් සහරාන් සම්පූර්ණයෙන් මෛත්‍රීපාල මහතාට සහය දුන් බවයි.

මුස්ලිම් කොංග්‍රසයට තමාගේ ඡන්දය ගිය බවත් එහිදි තමා පැරදු බවත් සහරාන් එය සිදු කල බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

2015 දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා අවසන් වු විට සහරාන් ඔහුගේ කාර්යලයට එන්න ආරාධනා කළ බවත් පැවසු හිස්බුල්ලා මහතා ඔහු එවකට දේශපාලනික වශයෙන් තමා ඇතුළු මුස්ලිම් දේශපාලඥයින්ට කථා කර බවද කියා සිටියේය.

සහරාන් එවකට ජාතික තව්හිද් ජමාද් නැමති සංවිධානය පිහිටුවා ගනිමින් ආගමික මතවාදයෙක් ලෙස කටයුතු කර බවත්, ඔහු ඒ කාලේ ත්‍රස්ථවාදියෙක් නොවන බවත් හිස්බුල්ලා මහතා පවසයි.

පසුව ඡන්ද ලබා ගැනීමට අවැසි නිසා ඔහුගේ කොන්දේසිවලට එකඟතාවය දැක්වු බවත් පැවසු හිස්බුල්ලා මහතා, පසුව එම කොන්දේසි කඩ කිරිම හේතුවෙන් තමා සමඟ සහරාන් විරසක වු බව ද කියා සිටියේය.

රැස්වීම්වල සිංදු දාන්න බෑ, කාන්තාවන්ට හා පිරිමින්ට එක්ව රැළිවලට සහභාගි වීමට නොහැකි යන කොන්දේසිවලට තමා අකමැති වු බව ද පැවසු හිස්බුල්ලා මහතා, ඡන්ද 2000 කින් පමණ තමාව සහරාන් පැරදු බව ද පැවසීය.

මෙහිදි ප්‍රශ්න කරමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, සිංදු දානවට සහරාන් හිස්බුල්ලා සමඟ විරසක වුයේ නම් මුස්ලිම් කොංග්‍රසය ජයග්‍රහණය කළේ ඔවුන් සිංදු නොදා සිටියේ ද යන්නයි.

එයින් පැහැදිලි වෙන්නේ සිංදු නිසා නොව වෙනත් හේතුවක් මත සහරාන් හිස්බුල්ලා සමඟ විරසක වු බව පෙනී යන බවයි.

Read more

Local News