බෞද්ධ – හින්දු එකමුතුවක් රටට අවශ්‍යද ?

Share

අන්තවාදයට එරෙහිව බෞද්ධ සහ හින්දු ජනතාව එකට එක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

වව්නියාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ඊයේ (13) වව්නියාවට වැඩම කළ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එම ප්‍රදේශයේ හින්දු ජූජකතුමන් හමුවී සාකච්ඡා කළේය.

“මේ වන විට හින්දු සංස්කෘතික ජනතාවත් බෞද්ධ ජනතාවත් විශාල පීඩාවකට පත්ව සිටිනවා

සමහර තැන්වල සැත්කම් කිරීමෙන් විශාල වන්ද්‍යාකරණයක් කරලා තියෙනවා.

මේ වාතාවරණය යටතේ විශේෂයෙන්ම හින්දු බෞද්ධ එකමුතුවක් රටට අවශ්‍යයි.

ඒ ආධ්‍යාත්මික එකමුතුව එකතු කිරීමේ අභිලාශය ප්‍රාර්ථනාව ඇතුවයි අපි වව්නියාවට පැමිණායේ.

අපිට තියෙන යම් යම් දේශපාලන ප්‍රශ්න අපිට පසුව විසඳාගන්න පුළුවන්.

පළමුවෙන්ම කළ යුත්තේ අපි දෙගොල්ල එකතු වී මෙම අන්තවාදය පරාජය කිරීම. දෙවනුව රටක් වශයෙන් මේ වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම.

ඒ නිසා මම දෙමළ ජනතාවට ආයාචනා කරනවා අපි එකමුතු වෙමු.

හින්දු සංස්කෘතික බලවේගවලට ආයාචනා කරනවා.

හින්දුන්ට සහ බෞද්ධයින්ට එකමුතු වෙන්න කිසිම බාධකයක් නෑ.

බොහෝ හින්දු දෙවිවරු බෞද්ධ පන්සල්වල ඉන්නවා. අපි ඕනෑම වේලාවක යාපනයට ආවහම පිරිත් නූලක් ගැටගහන්න අපිට ආයාචනා කරනවා.

ඉතිං ඇයි අපි වෙන්වෙලා හිටියේ?

මේ යුද්ධය පිටින් හදපු යුද්ධයක්. ලෝක දේශපාලන බලවේග, රටේ බලලෝභී කණ්ඩායම් නිර්මාණය කරපු දෙයක්.

මේ මර උගුලෙන් ගැලවිලා ඉතාම ඉක්මනින් සිංහල දෙමළ ජනතාව අතර මිත්‍රත්වයක් අවශ්‍යයි.

ඒ සඳහා පළමුවෙන්ම හින්දු පූජක තුමන්ලා සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර එකමුතුවත් දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයන් අතර එකමුතුවත් ඇති කිරීමේ අභිලාශයෙන් තමයි අපි වැඩ කරන්නේ” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News