දන්සැල් 8112ක් පරික්ෂාවට

Share

පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා පවත්වාගෙන ගිය දන්සැල් 8112ක් පරික්ෂාවලට ලක්කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහිදි සනීපාරක්ෂාවට අහිතකර තත්ත්වයෙන් පවත්වාගෙන ගිය දන්සැල් 72කට අවවාද කිරීම් සිදුකළ බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සදහන් කළේය.

දන්සැල් 12ක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.

අද (17) දිනය තුළ ද උතුරුමැද පලාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල දන්සැල් පරීක්ෂා කිරීම් කටයුතු සිදුකරන බව මහේන්ද්‍ර බාලසූරිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News