කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතා පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි.
අද (18) දිනයේ දී ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙක් සහභාගී වන අතර එයින් දෙවන සාක්ෂිකරු වන්නේ කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාය.
මීට අමතරව මුස්ලිම් සංවිධානයක නියෝජිතයින් පිරිසක් විශේෂ කාරක සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වනවරට රැස්වන අතර පෙර අවස්ථා හතරේදී පාර්ශ්ව කිහිපයක්ම සාක්ෂි ලබාදීම සඳහා කැඳවනු ලැබුවේය.
ඒ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ය.