ෂරියා විශ්වවිද්‍යාලය ලියාපදිංචි කරලා නෑ

Share

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අනුයුක්තව පවතින රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ ලියාපදිංචි කළ යුතු වුවත් එසේ කර නොමැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ(18) පෙරවරුවේ අදාළ අධ්‍යාපන අංශයවෙත පැමිණි අවස්ථාවේදීය.

මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබදව තොරතුරු ලබා ගැනීම සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ පෙරවරුවේ ඇතුල්කෝට්ටේ පිහිටි රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය වෙත පැමිණියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ එම අංශයේ අතිරේක ලේකම් කේ.ආර්.උඩුවාවල මහතා හමුවී ඊට අදාළ තොරතුරු ලබාගත් බවයි.

මේ අතර විල්පත්තු වනාන්තර පද්ධතිය අවභාවිතය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඇතුලු පිරිසට එරෙහි ව පනවා තිබූ පැමිණිල්ලේ සාක්ෂි ලබාගැනීම සඳහා පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

Read more

Local News