කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මොරගහහේන ප්‍රදේශයේදී ගිනි අවියක් පෙන්වා යතුරුපැදියක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලකෑම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පානදුර කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදන රිවෝල් වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 09 උණ්ඩ 04ක් සහ කොල්ලකන ලද යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වාද්දූව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ලක්ෂ්මන් ජගත් පොන්සේකා නොහොත් දෙල්දූවේ ජගා නමැති පුද්ගලයෙකු බව සඳහන්ය.

සැකකරු මරණ දඩුවම හිමිවී වසර 10ක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිට අභියාචනා ඉදිරිපත් කිරිමෙන් පසු මීට මාස 03කට පෙර නිදහස හිමි වූ අයෙකු වන අතර ඔහුට එරෙහිව කොල්ලකෑම් සහ මිනිමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(19) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News