ආණ්ඩුව ජනතාවගේ සැබෑ ගැටලු යටපත් කරනවා

Share

කලින් කලට විවිධ මාතෘකා පිළිබඳව සාකච්ඡා කරමින් ආණ්ඩුව ජනතාවගේ සැබෑ ගැටලු යටපත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මද්‍රසා පාසැල් හැර වෙනත් එකදු ප්‍රශ්නයකටවත් ඵලදායක විසදුම් සෙවීමට රජය මැදිහත් වී නැති බවත් එනිසා රටේ අනෙකුත් අංශ සියල්ලක්ම කඩා වැටීමට ලක්ව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

ජනතා ප්‍රශ්න එලෙසින්ම තිබියදී විවිධ මාතෘකා මතුකරමින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න, යළි මතුවිය හැකි ප්‍රශ්න හා ජාතික ආරක්ෂාව යන කරුණු යටපත් කරමින්  සිටින බව බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ පරිදි මෙම ප්‍රශ්නය මතුපිටින් බලා විසදිය නොහැකි බවත් ජාතික වශයෙන් ඇති එක් එක් ගැටලු පිළිබඳ ක්ෂණික මැදිහත් වීමක් අවශ්‍ය බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

Read more

Local News