දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි පීඩාවට

Share

වැටුප් සහ ශ්‍රේණි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ(20) මධ්‍යම රාත්‍රී 12 සිට සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙන අතර මේ වනවිට වර්ජනය ක්‍රියාත්මකයි.

ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබු සියලු තැපැල් දුම්රිය අවලංගු කෙරුණු බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් දුම්රිය ධාවනය අඬාල වීමෙන් සිකුරාදා දිනයේ ගම්බිම් බලා පිටත්ව යන මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තා වෙයි.

දුම්රිය වර්ජනය හෙට(22) මධ්‍යම රාත්‍රිය වෙන තෙක් ක්‍රියාත්මකයි.

දුම්රිය සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 45ක් පමණ මේ වන විට අවලංගු වී ඇත.

දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය ගමන්වාර 10ක් පමණ අද දින ක්‍රියාත්මක වු බවයි.

ඒ අනුව නුවර, රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය කර ඇත.

Read more

Local News