පාස්කු ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාව අදත් රැස්වෙයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද(21) පස්වරු 02.00ට රැස්වීමට නියමිතව ඇත.

එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, කාරක සභාව හමුවේ මෙතෙක් ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් එහිදි තවදුරටත් අවධානය යොමු කෙරෙන බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සාක්ෂි විමසු අතර මින් ඉදිරියට ඔවුන්ගේ තවදුරටත් සාක්ෂි විමසීමේ අව්‍යශතාවක් නොමැති බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් එම පාර්ශව විසින් ලබාදුන් සාක්ෂි සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් සාක්ෂි විමසීමේ අවසන් කාලපරිච්ඡේදයේදී යලි ඔවුන් කැදවීමට නියමිතව ඇත.

එමෙන්ම නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඉදිරියේදී තවත් පාර්ශව ඒ සඳහා කැදවීමට නියමිත බව ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

Read more

Local News