ඉදිරි පක්ෂ සංවත්සරයේදි අපේ ජනපති අපේක්ෂකයා ජනතාවට කියනවා

Share

ඉදිරි මැතිවරණය සඳහා විශේෂඥ උපදෙස් ලබා ගනිමින් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අද (21) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි.

“ඉදිරි මැතිවරණ සඳහා අපි මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා.

ඒ සඳහා විශේෂඥ උපදෙස් ලබා ගනිමින් අවශ්‍ය කටයුතු සිදු වෙනවා. එච්චරම සම්බන්ධයෙන් කිසිදු චකිතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපිට නැහැ.

අපේ අපේක්ෂකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වෙලා තිබෙනවා. ඉදිරියේදී පක්ෂ සංවත්සරය පවත්වා අපේ අපේක්ෂකයා ජනතාවට හඳුන්වා දෙනවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ හදගැස්ම හඳුනන නායකයෙක් විදියට පක්ෂ සංවත්සරයේ දී අපේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ නම ජනතාවට දැනගන්නට හෙළි කරනවා.

අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් අපිට කිසිදු ගැටලුවක් නැහැ.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තර අර්බුදයක් ඇති වෙලා තිබෙනවා.

මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වෙන්න කී දෙනෙක් අපේක්ෂකය ඇඳුම මහගෙන ඉන්නවද.

කථානායක කරු ජයසූරිය මහතා කථානායක ධූරය වගකීම් ඉටු කරනවා වෙනුවට එක්සත් ජාතික පාක්ෂිකයන් හා එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙල අනුවයි කටයුතු කරන්නේ.

මධ්‍යස්ථව ස්වාධීනව කටයුතු කරන කථානායකවරයෙක් අපේ පාර්ලිමේන්තුවේ දැනට නෑ” යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කළේය

Read more

Local News