19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කාලයක් නෑ

Share

මැතිවරණ කාලසීමාවක් තුළ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කාලයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හඟුරන්කෙත මාදිවෙල රජමහා විහාරයේ රන් පත්තිරුවට අත්සන් තැබීමේ උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමාට 18 වන ව්‍යවස්ථාවේ ඇති හානියක් පිළිබඳව නම් නොපෙනුන බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පරක්කු වී හෝ තේරුම් යෑම පිළිබඳ තමා ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තවත් මාස 4 කින් මැතිවරණයක් පවත්වන බවත්, එවැනි තත්ත්වයක් තුළ අත්හදා බැලීමට තරම් කාලයක් නොමැති බව ද විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ගෙන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවත් එසේ නොමැතිව කිසිවක් පවසා වැඩක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News