රට විශාල දේශපාලන ව්‍යාකුලත්වයකට පත්වෙලා

Share

අද වනවිට රට විශාල දේශපාලන ව්‍යාකුලත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ ඒ බව සඳහන් කළේ ත්‍රිකුණාමල නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

මේ මොහොතේ කුමක් කළ යුතු දැයි කල්පනා කල යුතු බවත්, අද වන විට අපේ රට මුහුණ දී ඇති අර්බුදය ඉදිරිපිට ලංකාව විශාල දේශපාලන ව්‍යකූලතාවයකට පත්ව ඇතැයි ද රතන හිමියන් පැවසීය.

එක් අතකින් විදේශීය ගැති භාවයක් ඇතිව තිබෙන බවත් කිසිදු ප්‍රතිපත්තියකින් තොරව රටේ සම්පත් විකුණමින් සිටින බවත් පැවසු උන්වහන්සේ ලෝක බලවතුන් ඉදිරියේ අන්තිම දීන ලෙස කටයුතු කරමින් සිටින රට බව ද කියා සිටියේය.

අද වන විට ත්‍රිකුණාමලට වරායට සියලු දෙනා කෙල හලමින් සිටින බවත් පැවසු රතනහිමියන්, එක් අතකින් ඇමෙරිකාව අක්කර 35,000 ක නාවික කඳවුරක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

රට අස්ථාවර වී ඇති මොහොතක ඇමෙරිකාව රටට ඇතුළු වී යුද කඳවුරක් ඇති කිරීමට හා වාණිජ මධ්‍යස්ථානයක් ඇති කිරීමට උත්සහ ගන්නා බවද පැවසු රතන හිමියන් ඉන්දියාවත් අපේ මුහුදට හා ත්‍රිකුණාමලය වරායට හරි කැමති බවත්, චීනයත් මෙයට ඉතා කැමති බවත් පැවසීය.

Read more

Local News