ලෝක කුසලාන තරඟයෙන් දකුණු අප්‍රිකාව ඉවතට

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(23) පැවැති දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරඟයේ ලකුණු 49කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුළු 07ක් දැවි ලකුණු 308ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 50 අවසානයෙදි කඩුළු 09 ක් දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 259ක් පමණි.

පන්දු යැවිමෙදි වහාබ් රියාස් සහ ශඩාබ් ඛාන් කඩුළු 03 බැගින් බිද හෙලීය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරඟයේ පලමු වටයෙන්ම ඉවත් වීමට සිදු වු අතර ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්වුයේ 2003 වර්ෂයෙන් පසුවයි.

Read more

Local News