වල්ලපට්ටා තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට

Share

ඇල්පිටිය, බෙරලිය රක්ෂිතයේ වල්ලපට්ටා ගස් කපා සුද්ද කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ඇල්පිටිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඇල්පිටිය, පිටුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 6ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වල්ලපට්ට තොගයේ වටිනාකම ලක්ෂ 2කට අධික බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය ඇල්පිටිය අඩවි වන කාර්යාල විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News