රට තුල යළි පිරිවෙන් අධ්‍යාපනය ස්ථාපිත කළ යුතුයි

Share

විවිධ ජන කණ්ඩායම් වල විවිධ වූ නීති රීති වලට අනුව කටයුතු කරමින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපනය සම්බන්දයෙන් ප්‍රශ්න දෙකක් පැන නැගි ඇති බවත් ඒ මද්‍රසා ආගමික පාසල් සහ ජත්‍යාන්තර පාසල් නමින් එංගලන්තයේ විෂය මලාව උගන්වන පාසල් බවත් අමාත්‍යවරයා පවසයි.

මේ වන විට මද්‍රසා පාසල් 170කට වැඩි සංඛ්‍යාවක් රට තුල පවති බවත් එයින් බිහිවන්නේ අරාබි ජාතිකයෙක් මිස  ශ්‍රී ලංකිකයෙක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මැඩලිම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම මෙම රටේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සදහා පිරිවෙන් අධ්‍යාපනය රට තුල යළි ස්ථාපිත කළ යුතු බවද අමාත්‍යවයර ාඅවධාරණය කළේය.

Read more

Local News