රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක්

Share

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව  ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් නම් කිරීමට රජය කටයුතු යොදා ඇත.

ජූලි 1වෙනි දින සිට ජුලි5 වෙනි දින දක්වා විශේෂ තේමා යටතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ජූලි පළවෙනි දිනය රාජ්‍ය භාෂා දිනය ලෙසත් ජූලි දෙවැනි දින  රාජ්‍ය භාෂා පාසල් දිනය ලෙසත් ජුලි තුන්වැනි දින රාජ්‍ය භාෂා මහජන දිනය ලෙසත් ජූලි 4 වන දිනය රාජ්‍ය භාෂා යොවුන් දිනයේ  ලෙසත් ජූලි පස් වැනි දිනය රාජ්‍ය භාෂා සමාප්ති දිනය ලෙසත් නම් කොට තිබේ.

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු  අමාත්‍යාංශය  මෙම භාෂා  දින  සතිය  තුළ  ක්‍රියාත්මක  කළ  යුතු  වැඩ  සටහන්  හඳුන්වා  දි තිබේ.

Read more

Local News