ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය යළි ගොඩනැගීලා

Share

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය නැවත ගොඩනැගී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පානදුර පැවති උත්සවයකට එක්වෙමින්ය.

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසු අනාගතය ගැන තිබූ බලාපොරොත්තු නැතිවු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

“ගොඩඑන්නේ කොහොමද කියලා හිතුවා. මහ බැංකුව ලෝක වෙළඳපොළෙන්. ඩොලර් මිලියන 2000ක් ඉල්ලුවා. එතැනදි විවාදයක් ඇතිවුණා. ව්‍යපාරිකයින් යන්න එපා කිව්වා

ගියොත් මුදල් ලැබෙන්නේ නැහැ කිව්වා. අපි ඒ ගැන කතා කළා. මහ බැංකු අධිපති කිව්වා. මුදල් හොයා ගන්නවා කියලා. ඊයේ වෙළඳපොළට ගිහින් මුදල් ඉල්ලුවා.

ඩොලර් මිලියන 6000ක් ලැබුණා. අපි අවශ්‍ය මුදල ගත්තා. අධිපතිතුමා කිව්වා 3000ක් තියෙනවා කියලා
නිව්යෝර්ක්වලිනුත් අරගෙන බලමු කිව්වා. ජාත්‍යන්තර විශ්වාසය අද යළි තියෙනවා“

පානදුර ආතර් වීදීය උද්‍යානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිදුකෙරුණි.

Read more

Local News