ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඔරලෝසුව ආපසු හරවයි

Share

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා පවසයි.

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා පවසා සිටියේ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව “මානව හිමිකම් පිළිබඳ ඔරලෝසුව ආපසු හරවන“ බවයි.

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේවන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නැවත ගෙන ඒමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සහ කරන බවත් ඔහු මාලදිවයිනේ ජනාධිපතිවරයාගෙන් යම් පාඩමක් ඉගෙන ගෙන එම  තීරණය වෙනස් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ව්‍යාපාරික අධිපති ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.

ඔහු කියා සිටියේ මරණ දණ්ඩනය විනාශකාරී විය හැකි අතර එය කිසි විටෙකත් විසඳුමක් නොවන බවත් ශ්‍රී ලංකාවේ වැනි ලස්සන රටක් මෙම මරණීය දණ්ඩනය  ක්‍රියාත්මක කිරීම කළකිරවන සුළු පුවත්ක් බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයෙන් තම සංවිධානය කම්පනයට පත්ව සිටින බවයි ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

එම ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් මහත පෙන්වා දෙන්නේ වසර 43කට පසුව ශ්‍රි ලංකාව තුළ යලි මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පල කරන බවයි.

මෙම තීරණය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර කීර්තියට හානිදායක වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල තීරණය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නැවත සලකා බලනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවත් ක්ෂමා සංවිධානය පවසයි.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මරණීඩ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම බරපතල අපරාධයක් බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

Read more

Local News