‘භාරත්’ ට වෙච්ච දෙයක්

Share

සුපිරි නළු සල්මාන් ඛාන් හා කත්‍රිනා කයිෆ් රඟන ‘භාරත්’ චිත්‍රපට අති සාර්ථක වීම හේතුවෙන් හොලිවුඩයේ ප්‍රදර්ශනය ආරම්භ කළ ‘ගොඩ්සිලා’ හා ‘එක්ස් මෙන්’ අලුත්ම චිත්‍රපට මේ වනවිට ඉන්දියාවේ අසාර්ථක වෙමින් පවතින බවට බොලිවුඩයෙන් තොරතුරු වාර්තා වේ.

මේ වනවිට මෙම චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වි දින කිහිපයක් ගත වුවද තවමත් සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී තිබේ.

පසුගිය මැයි 24 වැනිදා ප්‍රදර්ශනය වූ ‘ඇලඩින්’ හොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාවේ අති සාර්ථක වූ අතර එය තවමත් ප්‍රදර්ශනය වෙමින් පවතී.

මෙම චිත්‍රපටය පසුගිය සති අන්තය වන විට ඉන්දිය රුපියල් කෝටි 50 ක ආදායමක් උපයාගන්නට සමත්ව ඇත.

Read more

Local News