ජනාධිපති හදන්නේ එල්ලලා බේරෙන්න

Share

පවුල් පාලනයෙන් හා දූෂණයෙන් තොර දේශපාලන මධ්‍යස්ථානයක් ඇති කිරීමට ඉදිරියේදී කටුයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

කොළඹදී ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩි දුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැඩිම විනාශයක් සිදු වන්නේ පහළ පාන්තික මිනිසුන්ට බවයි.

“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලලා මරලා ඉවර කරපු රටක් කොහේවත් නෑ.

මේක ධනවාදයේම කොටසක්. මුදල් තියෙන අයට මුදල් වියදම් කරලා පුනරුත්ථාපනය වෙලා මරණ උවදුරෙන් ගැලවෙන්න පුළුවන්.

අපේ රටේ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වන තරුණයින් පුනරුත්ථාපනය කරන්න සාමාන්‍ය මට්ටමේවත් තැනක් නෑ.

ජනාධිපති හදනවා එල්ලලා බේරෙන්න.” යනුවෙන් වැඩි දුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News