කෝටි 2ක රන් ආභරණ ගුවන්තොටේදී අත්අඩංගුවට

Share

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ සිංගප්පූරු ජාතික යුවළක් ඊයේ(28) රාත්‍රී දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් වයස අවුරුදු 55 සහ 45 යන සීමා වල පසුවන සිංගප්පූරු ජාතික යුවළක් වන අතර, ඔවුන් එරට ප්‍රධාන පෙළේ විදේශ මුදල් හුවමාරු ආයතනයක හිමිකරුවන් වන බවටයි සඳහන් වන්නේ.

මේ වසරේ, මේ වනවිට පමණක් මොවුන් දෙදෙනා හය වතාවක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවට රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වල දී අනාවරණය කර ගෙන තිබේ.

මොවුන් දෙදෙනා මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොවුන් ඇද සිටි කලිසම් වල සාක්කු වල සහ ඒවාට යටින්, තම සිරුරු වල ද, මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 850 ක් බර ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරයි.

Read more

Local News