සජිත්ට තම පියා ඉගැන්වු දෙයක් මෙන්න

Share

රටේ ජීවත්වන සෙසු ආගම් ජාතීන් ආරක්ෂා කර ගනිමින් සැබෑ සිංහල බෞද්ධ ප්‍රතිපත්ති දියත් කිරීමේ පාඩම තමන්ට ඉගැන්වූයේ තම පියාණන් බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියි.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලේ පුදබිම වෙත ඊයේ පෙරවරුවේ පැමිණියේය.

ඒ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සඳහායි.

මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ ආරම්භ කෙරුණේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ 2380 කි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීමේ හැදියාව හා පුරුද්ද තමන්ට ලැබුණේ ද තම පියාගෙන් බවයි.

Read more

Local News