11 වෙනිදාට මොකද වෙන්නේ ?

Share

ඉදිරි සතිය තුළදී විවාදයට ගැනීමට නියමිත රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්දය ලබාදෙන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන පුද්ගලයින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණු දොම්පේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රට අරාජික කළ මහජන ආරක්ෂාව බිඳ දැමූ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව න්‍යාය පත්‍රයට අනුව ලබන මස 10 හා 11 විවාදයට ගැනීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News