19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යහපත් බව පාඨලී කියයි

Share

වර්තමානය වනවිට ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර යහපත් සමතුලිතතාවයක් පවතින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කතරගම පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් නිදහස වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු වු බවත් ජනාධිපතිවරයාට ඇති බලතල සීමා වීම තුළ එය රටට යහපත් ලෙස බලපෑ බවත් චම්පික රණවක මහතා කියා සිටියි.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් කතරගම පුදබිම ඇතුළු සිද්ධස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඒ අනුව එහි කටයුතු සොයා බැලීම සඳහා වන නිරීක්ෂණ චාරිකාවකට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (30) පෙරවරුවේ එක්වුණි.

Read more

Local News