කසල තේ තොගයක් සමඟ අයෙක් මාට්ටු

Share

කොළඹ අදුරුප්පුවීදිය ප්‍රදේශයේදී කසල තේ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම කසල තේ තොගයේ වටිනාකම රුපියල් පනස් එක් ලක්ෂ පනස් දහසක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම කසල තේ තොගය සොයාගෙන ඇති අතර එහිදී එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී කසල තේ කිලෝ ග්‍රැම් තිස්තුන්දහස් හයසිය අසුපහක්, විද්‍යුත් තරාදි 02ක්, විවිධ නාමයන් සහ අංක යොදා සකස් කළ නාම පුවරු 59ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත.

Read more

Local News