පොලිස්පති හෙට දක්වා රිමාන්ඩ්

Share

අද(02) පස්වරුවේ නාරාහෙන්පිට පොලිස් රෝහලේදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට සුළු වේලාවකට පෙර හෙට(03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මීට සුළු වේලාවකට පෙර පූජිත් ජයසුන්දර මහතා නැවතී සිටින රෝහල වෙත පැමිණ කරුණු පරීක්ෂා කිරීමෙන් පසුවයි.

නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද සවස අත්අඩංගුවට ගැනුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේවෙතත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කෙරුණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දර  මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read more

Local News