ශ්‍රී ලංකා කණ්ඩායමට රංගන වෙනුවට වැන්ඩසේ

Share

ශ්‍රී ලංකා පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ඉන්දියාව හා පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීකට් අායතනය කටයුතු කර තිබේ. ඒ නැවත වරක් කොන්දේ අාබාධය නැවත වරක් උත්සන්න වී අැති රංගන හේරත් වෙනුවටය.

දෙරට අතර පැවැත්වෙන අවසන් තරගය එළැඹෙන 02 වන දා දිල්ලි හි පැවැත්වීමට නියමිතය. නාග්පුර් තරගයේදී රංගන හේරත් ඉන්දියාව ක්‍රීඩා කළ එක් ඉනිමේදි පමණක් පන්දු වාර 39ක් යොමු කළේය.

ටෙස්ට් සංචිතය තුළ තවත් දග පන්දු යවන්නෙක් වෙන ලක්ෂාන් සඳකැන් සිටියදී වැන්ඩසේ මෙසේ කණ්ඩායමට නම් කර අැත.

Read more

Local News