ෂරියා විශ්වවිද්‍යාලය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්

Share

අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේ, බැටිකලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කර ඇත.

එම කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේහ අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (02) කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව මුදල් , නගර සැලසුම් , ජල සම්පාද න සහ උසස් අධ්‍යාපන, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු , සහ  සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරුන්ගෙන් සමන්විත වේ.

Read more

Local News