නව රථ වාහන කොට්ඨාශයක් නුගේගොඩට

Share

රථ වාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ නව රථවාහන කොට්ඨාශයක් පිහිටුවා ඇත.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය ලෙස නුගේගොඩ ආශ්‍රිතව එම නව රථවාහන කොට්ඨාශය පිහිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පොලිසිය පවසයි.

Read more

Local News