ජාතික පාසල්වලට විතරද ටැබ්

Share

භේදයකින් තොරව සියළුම පාසල් දරුවන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

විජයපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ටැබ් පරිඝණක ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතයත් අගමැතිවරයාගේ මතයත් එකිනෙකට පරස්පර බවත් අගමැතිවරයා සියලුම ජාතික පාසල්වලට ටැබ් පරිගණක ලබා දීමට කටයුතු කරන බව පවසද්දී ජනාධිපතිවරයා පවසන්නේ තෝරාගත් ජාතික පාසල් සඳහා ලබා දෙන බවත් ඔහු පැවසීය.

ජාතික පාසල් පමණක් නොව සියලු පාසල්වලට එක් ආකාරයකින් සැළකිය යුතු බවත් එකදු හෝ පරිගණකයක් නොමැති පාසල් තිබියදී ජාතික පාසල්වලට පමණක් සීමා කළ නොහැකි බවත් ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියි.

නැවත වතාවත් ඇති නැති පරතරය ඇති නොකරමින් සියලු ශිෂ්‍යයින් වෙත සමානව බෙදී යන පරිදි අයිතිවාසිතම් ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Read more

Local News