මෙරට තුළ මද්‍රසා පාසල් 1800 ක්‍රියාත්මකයි

Share

අද වනවිට මෙරට තුළ මද්‍රසා පාසල් 1800 පමණ ක්‍රියාත්මක වන බවත් ඒවායේ ගුරුවරුන් ලෙස කටයුතු කරන පිරිස් පිළිබඳව මේ දක්වා නිසි හඳුනාගැනීමක් සිදුකර නොමැති බවත් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසයි.

ඊයේ (03) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන්වාහන්සේ ඒ බව සඳහන් කළේය.

නමුත් තමන් ආරක්ෂ අංශයේන් ලබා ගත් තොරතුරු අනුව ගත් විට මියන්මාර් රෝහින්‍ය ජනතාව මේ වන විට 1700කට වැඩි පිර්සක් සිටින බවත් ඔවුන් මේ වන විට අනාත කඳවුරු වලින් පිටත කටයුතු කිරීමට යොමු වී ඇති බවත් ය.

එමෙන්ම  ඇෆ්ගනිස්තානය දකුණු ඉන්දියාව හරහා තලේයිමන්නාරමට බොට්ටු වලන් පැමිනි සැලකිය යුතු පිරිසක් මඩකළපුව මන්නාරම ප්‍රදේශයේ ජිවත් වන බවත්ය.

ඊට අමතරව ලෙබනනයෙන් 60ක් ,යෙමනයෙන් 20ක්,පලස්තිනයෙන් 53ක්, ඉරාකයෙන් 32ක් සහ සුඩානයෙන් 24ක් ලෙස මෙරටට පැමිණ ජිවත් වන අතර මෙවැනි පිරිස් 11000ක් පමන දිවයින තුල අන්තවාදි අධ්‍යාපනයන් ලබන බවට හෙළි වී ඇති බවද පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසීය.

Read more

Local News